six-hour-power-cut

නොරච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය රුපියල් බිලියන 55ක මුදලක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය මේ වනවිට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් පැය 06ක විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවටද අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත මේ වනවිට රුපියල් බිලියන 20ක මුදලක් සොයාගෙන ඇති අතර ඉතිරි බිලියන 35 සොයා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.මේ මස අවසන් වීමට පෙර එම මුදල් සොයා ගෙන ගල්අඟුරු ආනයනය නොකළහොත් දැඩි විදුලි අර්බුදයකට රට මුහුණදෙනු ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති. පෙබරවාරි මස මුල් සතිය අවසන්වීමට පෙර ගල්අඟුරු නොලද හොත් පැය 06ක අඛණ්ඩ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවද විදුලිබල ආරංචි මාර්ග සඳහන් කරයි. සැප්තැම්බර් දක්වා මෙය ගමන් කරනු ඇතැයි ද වාර්තා වේ. එළඹෙන අපේ‍්‍රල් මාසයේ වාරකන් කාලය ආරම්භවීමට ප‍්‍රථම ගල්අඟුරු ගොඩබෑම සිදුකළ යුතු බවත්, එසේ ොකළහොත් ගල්අඟුරු ගොඩබෑම පුත්තලමට සිදුකළ නොහැකි බවත් ඉංජිනේරුවන් අමාත්‍යාංශය දැනුවත් කර ඇත