
ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක් සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ බව පැවසෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval