government-servant-salary

රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතු බව දක්වමින්  විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයන්හී ගෙවීමටත්,විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.





මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් කර ඇත.

මෙම ප්‍රමාද ගෙවීම් ක්‍රමය ආර්ථිකයේ බංකොලොත්භාවයේ සලකුණක් ලෙස හඳුන්වන්නේ නැතිව සිටීමට කැබිනට් මණ්ඩලය පරිස්සම්වී ඇත.
අදාළ කැබිනට් මණ්ඩල සටහන පහතින්