
ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියක වන 32 හැවිරිදි මුර්සාල් නාබිසාඩා ඊයේ (15දා) දිනයේදී යම්කිසි පිරිසක් විසින් කාබුල් නුවර පිහිටි ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ඇගේ සහෝදරයෙකු සහ ආරක්ෂකයෙකුද තුවාල ලබා තිබේ. ඇය 2018 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. එහෙත් 2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමත් සමග එරට පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර, මුර්සාලාට මන්ත්‍රීධුරය අහිමි විය. ඉන් අනතුරුව ගතවූ කාලසීමාවේදී එරටින් පිටව නොගිය කාන්තා මන්ත්‍රීවරුන් අතලොස්ස අතරද ඇය සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
විශේෂයෙන්ම ඇය ඇෆ්ගනිස්තානයේ බියසුළු කාන්තා නායිකාවක වූ බව ඇයත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ අයෙකු එම මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කාබුල් පොලීසියේ ප්‍රකාශකවරයා පවසා තිබේ. ඊයේ දිනය තුළදී මෙම වෙඩි ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval