puja-boomi-gazette

පූජා භූමි 26ක් මෙම වසරේදී ගැසට් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.  ඒ අනුව තිස්සව රජමහා විහාරය, වෙල්ගම් වෙහෙර රජමහා විහාරය, මහසෙන් රජමහා විහාරය, මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, කඹලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාමය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම රජමහා විහාරය, කප්පින්න මහා විහාරය, මාගල්ල කච්චිවත්ත පුරාණ රජමහා විහාරය, බුද්ධියාගම සීගල රජමහා විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජමහා විහාරය, මදුරාවෙල බැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙන, පොතුවිල් මුහුදු මහා විහාරය, බුදුරුවයාය රජමහා විහාරය, ඓතිහාසික පුරාණ හබරණ ටැම්පිට විහාරය, සෝමාවතිය රජමහා විහාරය, කන්දෙගම ධංනජය රජමහා විහාරය, කන්දෙගම නාමළුව සිංහගිරි රජමහා විහාරය, බිඛිල ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරය, මානියම්ගම රජමහා විහාරය පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පසුගිය වසරේදී පූජා භූමි 16ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි. අරිසිමලය රජමහා විහාරය, නාගලෙන රජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, ඇතා නැගි කන්ද රජ මහා විහාරය, සංඛමලේ පුරාණ රජමහා විහාරය, අම්පාර පියංගල රජමහා විහාරය, මඟුල් මහා විහාරය, නාගදීප රාජමහා විහාරය, කූරගල රජමහා විහාරය, ගිරිවුල්ල මැද්දේපොළ රජමහා විහාරය, නිකසලානුවර රජමහා විහාරය, හුණුපිටිය ගංඟාරාම විහාරය, කොටහේන පරාමානන්ද විහාරය, කෑරගල පත්මාවතී පිරිවෙන් විහාරය, ලුණුගම සිරි පැරකුම් විහාරය, මහියංගණය රජමහා විහාරය පසුගිය වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පූජා භූමි වේ.

මේ වනව්ට මෙරට පූජා භූමි 101ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

1961 ඔක්තෝබර් 16වැනිදා කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, පසුගිය මාසයේ 23වැනිදා මෙරට 101 වැනි පූජා භූමිය ලෙස මහියංගණය රජමහා විහාරය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.


නවෝද්‍යා පවනි