
කුමන අභියෝග පැමිණියද මුදල් අමාත්‍යාංශය රටේ ප්‍රමුඛ වියදම් කප්පාදු කිරීමට සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඉතා ඉහළ මූල්‍ය කළමනාකරණයක නිරත වෙමින් රටේ ප්‍රමුඛ මූල්‍ය අවශ්‍යතා අනුපිළිවෙළක් සහිතව සපුරාලමින් සිටින බවයි.
“අපි තවමත් 100ක් හොයලා 300ක් වියදම් කරන්නෙ කොහොමද කියන අභියෝගයේ තමයි ඉන්නෙ. නමුත් මුදල් අමාත්‍යාංශය මේ තීරණාත්මක මොහොතේ ඉතා හොඳ මූල්‍ය කළමනාකරණයක් සිදු කරනවා. ඒක තමයි, අපට කාලයක් නොතිබුණු දේ. මොකක්ද කළමනාකරණය කියන්නෙ තියෙන සීමිත මූල්‍ය සම්පත් ප්‍රමාණය ඉතා හොඳ ක්‍රමානුකූල පෙළ ගැස්මක්, අනුපිළිවෙළක් ඇතිව වැය කිරීම. එයින් ප්‍රශ්න බොහෝමයක් නිරාකරණ කර ගැනීමට පුළුවන්. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, සෞඛ්‍ය ආදී වියදම් මූල්‍ය කළමනාකරණයේ ප්‍රමුඛස්ථානයේ තියෙන්නෙ. කුමන අභියෝගය ආවත්, මේ ඉහළම ප්‍රමුඛත්වය ඇති වියදම්වල ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ ගැන අනියත බියක්ඇති කර ගත යුතු නැහැ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ෂමිල පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval