mulleriyawa-theft

සාමාන්‍යයෙන් නිවසකට පනින හොරු රැගෙන යන්නේ ඉක්මනින් මුදල් කරගත හැකි හෝ අතේ ගෙනයාහැකි දේවල්ය. රන් භාණ්ඩ, ජංගම දුරකථන ආදිය බහුලව සොරකම් කෙරේ.
මුල්ලේරියාව ප්‍රදේශයේ ගෙවල් බිඳුමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට  පත්ව තිබෙන අතර ඔවුන් සොරකම් කරන ලද දේවල් ඊට වෙනස්ය. විශාල ප්‍රමාණයේ ශීතකරණ,ඇඳන්, මෙට්ට ආදී කීපදෙනෙකු එක්වී උස්සාගෙන යායුතු බඩු ඔවුන් සොරකම් කර තිබුණි.


පසුගිය19 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ නිවසක් බිද මෙලෙස සොරාගත් භාන්ඩ වල වටිනාකමව රුපියල් ලක්ෂ 35 කට අධික බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.
මාස එකහාමාරක පමණ කාලයක් නිවසේ අයිතිකරු විසින් නිවස වසා දමා තිබි ඇති අතර එම කාලය තුළ සැකකරුවන් විසින් වරින් වර මෙම දේපළ සොරකම් කර ඇති බවට පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.


ඒ අනුව මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු හා සොරබඩු ලග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සොරකම් කරන ලද දේපල ද සමඟ ඊයේ(22) දහවල් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සොරබඩු ලග තබාගෙන සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 600 ක්ද සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 50 ත් අතර වයස් වල පසුවන උඩුමුල්ල, මුල්ලේරියාව, හා බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සොයා ගත් දේපල මෙසේය.
01. විදුලි පංකාවක්
02. ශීතකරනයක්
03. රෙදි සෝදන යන්ත්‍රයක්
04. ස්ප්‍රින් මෙට්ට 03 ක්
05. රයිස් කුකර් එකක්
06. ප්ලාස්ටික් මේසයක්
07. ප්ලාස්ටික් පුටු 10 ක්
08. ඇඳන් 03 ක්
09. කර්ටන් රෙදි 06 ක් හා කර්ටන් රදවන පොලු 03 ක්
සැකකරුවන් 23 වන අද දින අළුත් කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුල්ලේරියාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අත්අඩංගුවට ගත් දේපල වල ඡායාරූප මේ සමඟ පළවේ