ranil-house-anura

පසුගිය අරගල සමයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තැබීම නිසා සිදුවූ හානිය විසිකෝටි හතළිස් ලක්ෂයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දේශපාලන රැස්වීමක් අමතමින් පැවසීය. ඔහු මෙසේ කීය.



‘ගේ ගිනි තැබීම පිළිබද අලාභහානිය පිළිබඳ වාර්තාවක් දැම්මා. රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තිබීම නිසා සිද්ධ වූ හානිය විසිකෝටි හතළිස් ලක්ෂයයි. රුපියල් මිලියන දෙසිය හතරයි. ගෙදරට වුණු හානිය මිලියන හයයි. වාහනේට වුණු හානිය මිලියන එකසිය අනූ අටයි. දහනම කෝටි අසූලක්ෂයයි වාහනේ හානිය. එහෙනම් වාහනේ කීයක් ඇත්ද?

අපි වියදම් කපා හැරලා අපි ජනතාවට ආදර්ශයක් දෙනවා අපි පඩි කපන්නම්, විශ්‍රාම වැටුප් අයින් කරන්නම්, ගෙවල් ගන්න එක අයින් කරන්නම්, මන්ත්‍රීවරුන්ට දෙන වාහන පර්මිට් අයින් කරනවා. නතර කරලා කියනවා දැන් අපි ලෑස්තියි ඔයගොල්ලොත් ලෑස්ති වෙන්න.
අනුර කුමාර දිසානායක මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම මෙම නව දේශපාලන සංස්කෘතිය තම ජාතික ජන බලවේහයේ ආණ්ඩුව ඇති කරන වෙනස බවයි.