
පසුගිය දිනවල විවිධ බාධක සහිතව අවිනිශ්චිතව පැවති පලාත් පාලන මැතිවරණ දිනය සම්බන්ධ කාරනාව අද නිරවුල්ව තීරණය කර ඇති අතර දිනය ප්‍රකාශයට පත් විය.
ඒ අනුව මැතිවරණ කොමිසම කියා සිටියේ ලබන මාර්තු 9 වැනිදා ඡන්දය පැවැත්වීමට තිරණය කර ඇති බවයි.
මාර්තා 09 වන දිනට මාස එකහමාරක පමණ කාලයක් තව ඉතිරිව තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය පිළිගෙන අදාළ කටයුතු සඳහා ඒ අනුව යොමුවනු ඇත.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (21) දහවල් 12.00න් අවසන් විණි.
භාරගත් නාමයෝජනා සම්බන්ධ ගැටලු විසඳීම් ප්‍රතික්සේප වීම් ආදිය තෝරාබේරාගෙන පසුව නම් ලැයිස්තු ප්‍රකාශයට පත් කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval