house-of-fashion-issue

පසුගිය සෙනසුරාදා (21) හවුස් ඔෆ් ෆැෂන් බම්බලපිටිය ශාඛාවේ ඇතිවූ සංසිද්ධියට අදාළ වීඩියෝ සමාජ ජාලා වල හුවමාරුවීමෙන් පසු එම කළමණාකාරීත්වය සිද්ධිය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරන අතර, කෙසේ වෙතත්, කලබල කළ පාරිභෝගිකයා පිට වරද පටවා ඇත. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා නොමැති නමුත් ආයතනයට  කැමති පාරිභෝගිකයින් සිත්තැවුලට පත්වීම ගැන සමාව ඉල්ලා ඇත. අදාළ නිවේදනයේ පරිවර්තිත සටහන පහතින්

ආයුබෝවන් අපගේ වටිනා පාරිභෝගිකයිනි,
 අපගේ ආදරණීය හවුස් ඔෆ් ෆැෂන් සන්නාමයට එරෙහිව පැතිර යන වීඩියෝ සහ අයහපත් කටකතා ගැන දැනුම්දීම සඳහා මෙය ලියමු. මේ හේතුවෙන් පාරිබෝගික ඔබට යම් අපහසුතාවයක් ඇතිවීම ගැන අපි සමාව අයදිමු,
 සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ලෙස අපි මේ සිද්ධිය ගැන ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.


2023 ජනවාරි 21 වැනි දින අපගේ බම්බලපිටිය ශාඛාවට පාරිභෝගිකයෙකු පැමිණ පැමිණිලි කර තිබුනේ තම වාහනය ගාල් කිරීමේදී වෙනත් වාහනයකින් තම වාහනය අවහිර වී ඇති බවයි. අපගේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාරවරයා එම පැමිණිල්ලට වහා ප්‍රතිචාර දක්වමින් අපගේ PA පද්ධතිය හරහා 4 වතාවකට වඩා දැනුම්දීම් සිදුකර නැවතූ කොනා සොයන්නට සිදුවිය. නමුත් ඊට ප්‍රතිචාර නොලද අතර  අපට අවාසනාවක දැනගන්නට ලැබුනේ අවහිර කරමින් නවතා තිබූ වාහනයේ හිමිකරු සාප්පුවට පැමිණීමෙන් පසු වෙනත් තැනකට ගොස් ඇති බැවින් ඔහු සම්බන්ධ කරගන්නට විදිහක් නැති බවයි.

තම වාහනය ගෙනයන්නට බැරිව අවහිර වූ පුද්ගලයා මෙම අවස්ථාවේ කෑකෝගසමින් කලබල කළේය.
මේ කියන පාරිභෝගිකයා අපේ මැනේජර්ට සහ සිකියුරිටිට කෑ ගහන්නට පටන් ගත්තේය. නරක භාෂාවෙන් කතා කරමින් අපේ ආරක්ෂක අංශ භාර නිලධාරියාටද පහර දුන්නේය.
  පාරිභෝගිකයාගේ කෑගැසීම නැවැත්වීමට එම අවස්ථාවේ එතැන සිටි කාර්ය මණ්ඩලය මැදිහත් විය.
  කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස පාරිභෝගිකයා දිගින් දිගටම පහර දීම නිසා තත්ත්වය උණුසුම් විය.

  මෙම සිදුවීම පාරිභෝගිකයින් සමඟ අපගේ හොඳ හිතට නරක ලෙස බලපෑ බව අපට හැඟේ.
  හවුස් ඔෆ් ෆැෂන් හි අපි සෑම විටම අපගේ ගනුදෙනුකරුවන් සහ සෑම විටම හොඳම පාරිභෝගික සේවයක් ආරක්ෂා කිරීමට අපගේ උපරිමය කරන බවට වග බලා ගන්නෙමු

 කළමනාකාරීත්වය
හවුස් ඔෆ් ෆැෂන්