
අද (17) උදෑසන පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ නිවසක් තුළ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද උදෑසන 06.30ට පමණ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
පසුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කෙරුණි අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා ඝාතන සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු වන අතර බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පමණ පෙර නිදහස් වී පැමිණි අයෙකු බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval