gotabaya-returns-sri-lanka

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උදෑසන 8.30 ට පමණ ඩුබායි රාජ්‍යෙය් සිට ශ්‍රී ලංකාවට යළි පැමිණියේය. ඔහු පසුගිය 26 වනදා බිරිය පුතු ලේලිය හා මිනිපිරිය සමග ඩුබායි වෙත ගමන් කර තිබුණ අතර එහි විනෝද ගමන් කිහිපයක නිරතවීමෙන් පසු ඔහු හා බිරිය පමණක් ලංකාවට යළි ඇවිත් තිබේ.


ඔහුගේ පුතු ලේලිය හා මිනිපිරිය ඇමරිකාව වෙත ඩුබායි සිට ගමන්කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට තරගවැදීම පිණිස ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කරගත් නිසා ඔහුට යළි ඇමරිකාවට යාමට වීසා ලැබී නැත.
නිල නොවන වාර්තාමගින් පසුගිය සතියේ හෙළි කර තිබුනේ ගෝඨාභය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා නැවත ඇමරිකානු පුරවැසිකම හෝ කෙටි කලකට වීසා ලබාගැනීමට දැරූ ප්‍රයත්න සියල්ල අසාර්ථකවී ඇති බවයි. ඔහුට යළි ඇමරිකාවට යන්නට බැරි බවට නිවසටම පැමිණ තානාපති කාර්යාලයෙන් පණිවිඩ ලබාදී ඇති බවයි.


මෙම තත්වය තුළ ඔහු පසුගිය කාලයේ ඇතිවූ මානසික පීඩනයෙන් මිදීමට පුතු සමග ඩුබායි වෙත ගිය අතර කෙටි කලක් විවේකයෙන් පසුවිය. ඔහු එරට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ සිටි වීඩියෝවක් මෙන්ම එරට මල් උද්‍යාන වල හා සත්ව උද්‍යාන වල සැරිසරන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රකට විය.
ඩුබායිහි සංචාරය නිමවා අද (05) යළි දිවයිනට පැමිණි ඔහු නැවත කොළඹ පිහිටි හෙළි නොකළ ආරක්ෂිත නිවස්නය වෙත ගමන් කර ඇති බව පැවසේ.