
ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වන්නට යෙදුණ සාදයකට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ එක්ව සිටිනු වාර්තා විය.
ජනතා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ තම දෙමාපියන්ගේ උපහාර සැමරුම් දිනයට හෝ එක් නොවූ අතර මෙලෙස මතුවන්නේ මාස 9 කට පමණ පසුය.
ගෝඨාභය මෙම උත්සවයට පැමිණි පසු අගමැති දිනේෂ්, ඇමතිවරුන් වන බන්දුල,ටිරාන්,ෂෙහාන්,කංචන මෙන්ම ඩලස් අලහප්පෙරුම වැනි මන්ත්‍රීවරුන්ද කථාබස් කරමින් සතුටු සාමීචියේ යෙදෙනු වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval