mihinthale-incident

තම පෙම්වතිය හමුවීමට රහසේම ඇගේ නිවසට පැමිණ පෙම්වතියගේ ඇඳ යට සැඟවී සිටි පෙම්වතෙකු රාත්‍රී කාලයේ ‘කැස්සක්‘ නිසා නිවැසියන්ගේ අතටම හසුවීමේ සිදුවීමක් මිහින්තලයෙන් වාර්තා විය.
තම මවගේ ජංගම දුරකතනයේ ‘වට්ස්ඇප්‘ පණිවිඩයක් ඔස්සේ දැන හඳුනා ගත් තරුණයෙකු සමග කාලයක් තිස්සේ  ප්‍රේම සබඳතාවක් ගොඩ නගා ගෙන තිබෙන මෙම පෙම්වතිය 15 හැවිරිදි බාල වයස්කාරියකි. ඇයගේ ආරාධනයෙන්


නිවසේ වැඩිහිටියන් නැති අවස්ථාවක පෙම්වතිය හමුවීමට සවස් කාලයේ නිවසට පැමිණ තිබෙන මෙම පෙම්වතා 21 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
ඔහු නිවසට පැමිණීමෙන් පසු විදුලිය විසන්ධි වන තෙක් පැය ගණනාවක් පෙම්වතියගේ ඇඳ යට සැඟව සිටි බව පැවසෙන අතර රාත්‍රී 9.00ට පමණ විදුලිය විසන්ධි වූ පසු ඇඳ උඩට පැමිණ පෙම්වතිය සමග අඹුසැමි සබඳතා පවත්වා ඇතැයි පසුව හෙළි විය. පසුව ඇඳයටට රංගූ ඔහු මහ රැය පුරාම ඇඳ යට සිටින්නට සූදානම්වී ඇත.ඔහුගේ අරමුණ වී ඇත්තේ පසුදා දක්වාම ඇඳ යට සැඟවී ගත කරන්නටය.
කෙසේ වෙතත් ඔහුට අලුයම් කාලයේ හදිසියේ වතුර තිබහක් ඇතිවීමෙන් පසු පෙම්වතිය ඔහු කැඳවා වතුර බොන්නට නිවසේ සාලය වෙත කැටුව ගොස් ඇති නමුත් හදිසියට වතුර බොද්දී ඔහුට කැස්සක් මතුව ඇත.
රාත්‍රී  3ට පමණ නිවසේ ඇසෙන ‘පිරිමියෙකුගේ කැස්ස‘ ඇසී අවදිවී කලබලයට පත් පියා ඒ ගැන සොයන්නට එද්දී නාඳුනන පුද්ගලයෙකු සමග තම දියණිය සිටිනු දැක පුදුමයට පත්ව ඇති අතර ඔහුව අල්ලන්නට වහා කටයුතු කර තිබේ.
මුලදී පැනයන්නට උත්සාහ කළත් පෙම්වතියගේ පියා ඔහු අල්ලාගන්නට සමත්ව ඇති අතර පසුව නිවසේ පුටුවක වාඩිකරවා ඔහු ලණු වලින් ගැටගසා ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ.
එම අවස්ථාවේ පෙම්වතිය කෑගසා ඇත්තේ ‘අනේ එයාට යන්න අරින්න..‘ ලෙසිනි. පෙම්වතියගේ පියා සූදානම්ව ඇත්තේ මොහුව පොලිසියට භාරදීමටය.

නමුත් ඊට පෙර තරුණයාගේ නිවැසියන්ට මේ ගැන දන්වා සිටින්නටද ඔහු කටයුතු කර තිබේ.
තමා වට්ස් ඇප් ඔස්සේ හඳුනාගත් පාසල් යන පෙම්වතිය සමග එකට සිටීමේ ආසාවක් පැනනැගුණ බවත් මෙලෙස නිවසට ආවේ ඒ ආසාව ඉටු කරගන්නට බවත් තරුණයා පවසා ඇත.
දරුවා දූෂණය කළා නේද? යනුවෙන් ඔහුගෙන් ඇසූ පැනයට ඔහු උත්තර දී ඇත්තේ ‘ඔව් ‘යනුවෙනි.
තරුණයාගේ නිවසේ අයද මෙම නිවසට පැමිණි පසු පසුදා උදෑසනින් තරුණයා පොලිසියට භාර දී තිබේ. ඉන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දැරිය දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.දැරිය වෛද්‍ය පරීක්ෂාවකට යොමු කර ඇත.
බාලවයස්කාරියකගේ කැමැත්ත හෝ අකමැත්ත මත සිදුවන ලිංගික හැසිරීමක් දූෂණයක්විය හැකිනිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසා තිබේ.