galewela-incident

මාතලේ ගලේවෙල  ආඳාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබී නව යෞවන වයසේ යුවළකගේ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන් පිළිබඳව යෞවනියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමේදී දෙදෙනා ගෙළවැලලාගෙන මියගොස් සිටියදී හමුවී තිබේ.


මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන බවත් සිසුවා 17 හැවිරිදි වියේ පසුවන බවත් අනාවරණයවී ඇත.
ගලේවෙල අඹන්පොළ පදිංචිකාරියක බව පැවසෙන සිසුවිය, සිසුවා සමග ප්‍රේම සම්බන්ධයක් තිබී නිවසින් විරුද්ධවීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් තිබී ඇති අතර ඔවුන් ගැන නිවැසියන් එම අවස්ථාවේ කළ පොලිස් පැමිණිල්ල අනුව විමර්ශනය කර දෙදෙනා සොයාගෙන බාලයවයස්කාර පාසල් දැරිය ඇයගේ මවගේ භාරයට පත්කර තිබුණි.
කෙසේ වෙතත් සිසුවිය සබඳතාවය නතර කර තිබී නැති අතර නැවත වතාවක් සිසුවා සමග පැනගොස් ඇත්තේ පසුගිය සතියේය.
ඔවුන් ගැන නිසි ආරංචියක් එම අවස්ථාවේ නිවැසියන්ට සොයාගන්නට බැරිව ගොස් තිබුණ අතර වැඩිදුර සොයා බැලීමේදී තරුණයාගේ ඥාතියෙකුට සම්බන්ධිත ආඳාවල ප්‍රදේශයේ නිවසක ඔවුන් සිටින බවට තොරතුරක් ලැබී තිබුණි.
 ආඳාවල පාළු නිවසේ පරීක්ෂාවට පොලිසිය ගොස් ඇත්තේ ඒ අනුවය.


නිවසට යනවිට කිසිදු හැලහොල්මනක් නැති නිවසේ බාල්කයක දෙන්නාම එල්ලී සිටිනු දැකගන්නට ලැබී ඇත.

යෞවන උන්මාදය නිසා පැනගොස් එකට වාසය කළත් මේ දෙන්නාට එක්ව ජීවත්වීමට වත්කමක් හෝ නොමැති බවත් නිවාස වලින් එල්ලවන පීඩනය හා ජීවන ගැටලු අවසානයේ අවාසනාවන්ත මරණ දෙකකට වගවී ඇති බවත් මේ පිළිබඳ අදහස්දක්වා ඇති ඥාතියෙකු පවසා තිබේ.
ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තාද එසේත් නොමැති නම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න සැක බව නිවැසියන් පසුව දන්වා ඇති අතර ගලේවල පොලිසිය ඒ ගැනද පරීක්ෂණයක් අරඹා ඇත.