edwin-aldrin-93-age-marriage

ඇමරිකානු ගගනගාමියෙකු වන එඩ්වින් ඕල්ඩ්‍රින් ( Edwin Aldrin) සිකුරාදා සිව්වන වරටත් විවාහ වූයේ වයස අවුරුදු 93 දී ය. ඔහුගේ බිරිඳ ආචාර්ය අන්කා ෆෝර්ගේ වයස අවුරුදු 63 කි. ඕල්ඩ්‍රින් විසින්ම මෙම තොරතුරු ට්විටර් හරහා ලබා දී ඇත. ඔහු ලිව්වේ ‘අපි දෙන්නම ගෙදරින් පැනලා ගිහින් කසාද බඳින යොවුන් වියේ පසුවනවා වගේ.‘ යනුවෙනි.





නීල් ආම්ස්ට්‍රෝං , මයිකල් කොලිනිස් හා ඕල්ඩ්‍රින් 1969 දී ඇපලෝ 11 මෙහෙයුමේ කොටසක් ලෙස සඳට ගියහ. නීල් ආම්ස්ට්‍රෝං මුලින්ම සඳ මතට ගොඩ බැස්ස පසු ඕල්ඩ්‍රින් සඳ මත පා තැබුවේ ඔහුට විනාඩි 19කට පසුවය.

 ඕල්ඩ්‍රින් විවාහයෙන් පසු ට්විටර් හි බිරිඳ අන්කා සමඟ ඡායාරූපයක් බෙදා ගත්තේය. ඔහු ලිව්වේ- මගේ 93 වැනි උපන්දිනය නිමිත්තෙන්, මම මගේ ආදරණීය වෛද්‍ය අන්කා ෆෝ සමඟ විවාහ වූ බව සතුටින් දන්වා සිටිමි. අපි විවාහ වුණේ ලොස් ඇන්ජලීස්වල පුංචි උත්සවයකින් යනුවෙනි.
ඔහුගේ සටහනට සුබ පතන්නට මේ වන විට 50,000 කට අධික ට්විටර් රසික පිරිසක් එක්වී ඇත.  එක් පරිශීලකයෙක් කිව්වේ ඔබට සඳ මත ගොඩබෑමක් වැනි හැඟීමක් ඇති විය යුතුය යනුවෙනි.
මෙය ඕල්ඩ්‍රින්ගේ 4 වන කසාදයයි. 1954-74 විසි අවුරුද්දක් ජොආන් ආචර් සමගත්,1975-78 තුන් අවුරුද්දක් බෙවර්ලි වැන්සිල් සමගත් 1988-2012 තවත් විසි හතර අවුරුද්දක් ලුයිස් කැනන් සමගත් ඔහු දීග කෑවේය. එම විවාහ වලින් ඔහු දරුවන් තිදෙනෙකි. සිව්වන බිරිය අන්කාර් ෆොර් රසායනික ඉංජිනේරු විද්‍යා ආචාර්යවරියකි.



ඕල්ඩ්‍රින් යනු ත්‍රිපුද්ගල ඇපලෝ 11 මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ දැනට ජීවත්ව සිටින එකම සාමාජිකයා වේ. ඔහු සමඟ මෙහෙයුමට ගිය අනෙක් සාමාජිකයින් දෙදෙනා අභාවප්‍රාප්ත වී ඇත. ඕල්ඩ්‍රින් 1971 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගියේය. ඔහු 1998 දී Share Space පදනම ආරම්භ කළේය. එහි අරමුණ අභ්‍යවකාශ ගවේෂණය ප්‍රවර්ධනය කිරීමයි.