
ප්‍රකට නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක් වන ‘හවුස් ඔෆ් ෆැෂන්‘හි ඇතිවූ ආරවුලක් සම්බන්ධ සංසිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි.
මේ ගැන සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක්ද හුවමාරුවේ.
රෙදිපිළි අලෙවිසැලේ පාරිභෝගිකයෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර බහින්බස්වීම හා පහරදීමේ සිදුවීම පසුගිය සෙනසුරාදා (21) සිදුව ඇති බවද වාර්තා වේ. එම අවස්ථාවේ සේවකයින් පොලු අතැතිව සිටිනුද පෙනේ.
ගැටුමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval