The-husband-suddenly-came-home-after-being-away-for-a-week-and-met-his-Facebook-lover-who-came-to-erase-his-wifes-loneliness

ජංගම දුරකථනයත්, සමාජ මාධ්‍ය ජාලාවත් නිසා සිය සොදුරු පවුලේ අනාගතය කාබාසිනියාකර ගැනීමට ගිය තරුණ විවාහක කාන්තාවකගේ පවුල් ජීවිතය පොලිසියේ මැදිහත්වීමෙන් යළි යථා‍ තත්ත්වයට පත්කර දුන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.
මෙම තරුණිය හැඩකාර සුරූපි තරුණියකි. ඇය ජීවත් වූ ගම්මානයේ කුරුඳු තැලීමට පැමිණ සිටි තරුණයෙකු සමග ඇය පෙමින් බැඳුණාය. පසුව දෙපාර්ශවයේ මවුපිය ආශිර්වාද මැද දෙදෙනා විවාහ වූහ. තරුණියගේ දෙමවුපියන් විසින් ලබාදුන් ඉඩමක පුංචි නිවසක් සාදාගෙන එහි මොවුන් දෙදෙනා ඉතා සතුටින් කල් ගෙවූහ. මෙම තරුණ යුවළ එක්ව කුරුඳු තැලීමේ රැකියාව කරමින් ඉතා හොඳින් කාලය ගත කරන අතරතුර මේ පුංචි කැඳැල්ලට අමුත්තියක් ආවාය. ඒ සුරංගනාවක් වන් දියණියකි. දියණිය ලැබීමෙන් පසු තරුණ යුවළට එක්ව කුරුඳු තැලීමේ රැකියාව කළ නොහැකි වූ අතර බිරිඳ හා දරුවා නිවසේ සිටිය දී සැමියා පමණක් කුරුඳු තැලීමට ගියේය. මෙසේ රැකියාවට යනවිට ඔහුට ප්‍රදේශයෙන් පිට දුර පළාත්වලට ද යාමට සිදුවන හෙයින් බිරිඳගේත්,

දියණියගේත් දුක සැප සොයා බැලීමට අවශ්‍ය නිසා ඔහු බිරිඳට  ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලට ගෙනවිත් ලබා දුන්නේය.
පුංචි දියණියගේ අවශ්‍යතා ඉටුකිරීමෙන් පසු පාළුවෙන් කාලය ගෙවා දමන බිරිඳ සිය පාළුව මකා ගැනීමට ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය ජාලාවන්ට  පිවිස ඒ මගින් නොයෙක් මිතුරු මිතුරියන් ද ඇසුරු කළාය.
මේ අතර දුරකථනය මගින්  Facebook ඔස්සේ හඳුනාගත් මිතුරෙකු ඇයගේ හිත දිනා ගැනීමට සමත් විය. හැඩකාර තරුණයකු වූ ඔහු කිසිදු රැකියාවක් නොකළ ද මෙම තරුණ කාන්තාව හා පෙමින් වෙළුණාය. මේ තරුණ පෙම්වතා හැබැහින් දැක ගැනීමේ ආශාවක් ඇයට ඇති වූ නිසා ඊට කල් යල් බලමින් ඇය කාලය ගත කළාය.
පසුගිය දිනෙක සැමියා ඈත ප්‍රදේශයක කුරුඳු තැලීමට පිටත්ව ගියේ බිරිඳ හා දියණිය සිප සනහා තමන් සතියකින් ආපසු එනතුරු පරිස්සමින් සිටින ලෙස පවසමිනි. ලැබුණ මෙම අවස්ථාවෙන් තම සිතැඟි ඉටුකර ගැනීමට කල්පනා කළ ඇය මේ බව සිය අනියම් පෙම්වතාට දැන්වීමෙන් පසු ඔහු ද මිටෙන් හල කුරුල්ලෙකු මෙන් ඇය සොයා ආවේය. සැමියා සතියක් නිවසට නොඑන නිසා ඇය අනියම් පෙම්වතා නිවසේ නතර කර ගත්තේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි. ඒ වන විට මෙම කාන්තාවගේ ගැබට තවත් දරුවෙකු පිළිසිඳගෙන තිබුණ නිසා ඇයට මේ අනියම් පෙම්වතා හා තහනම් ගහේ ගෙඩි කන්නට අමුතු අවදානමක් තිබුණේ නැති බවද කියැවේ.
මේ අතරේ දිනෙක රෑ සැමියා නිවසට පැමිණියේ හිටි හැටියේමය. ඒ වන විට තරුණයකු සමග නිදහසේ පෙම්සුව විඳිමින් සිටින බිරිඳ දුටු සැමියා යක්ෂාවේශ වූයේය. පිටින් පැමිණි තරුණයාට ඔහු යන්නට නොදුන්නේය.


මෙම ගැටලුව තම පවුලට ප්‍රශ්නයක් වන නරක ලකුණු පහළ කරන්නක් විය හැකි බව කල්පණා කළ සැමියා පොලිසියට කථා කළේය. බිරිය හා අනියම් පෙම්වතා දෙන්නාවම රැගෙන පොලිසියට යන්නට ඔහු පියවර ගත්තේය.
 තරුණ බිරිඳට දැඩිසේ ආදරය කළ ඔහු මේ දෙදෙනාට කිසිම ශාරීරික හිංසාවක් නොකර දෙදෙනාම ආසන්න පොලිස් ස්ථානයට රැගෙන යාම විශේෂිත බව පොලිසිය පවසයි.
පොලිසිය පවුල කඩා ඉහිරවන්නට උත්සාහ නොකළ අතර තිදෙනාටම උපදෙස් දෙමින් පැහැදිලි කර තිබුනේ අනාගතය ගැන සිතා තීරණ වලට එළැඹෙන ලෙසයි. ඒ අනුව බිරිය තමන් අතින් සිදුවූ වරදට සමාව ඉල්ලා සිටි අතර සැමියා ඊට එකඟ වූයේය.තරුණයා කියා සිටියේ නැවත එම සම්බන්ධය පවත්වා නොයන බවයි.
පොලිස් ස්ථානාධිපතිවරයාගේඅවවාද හා උපදෙස් මත තරුණ යුවළ පුරුදු පරිදි පවුල් කන්නට තීරණය කළ අතර අනියම් පෙම්වතාට එම ප්‍රදේශයට යළි පැමිණීම තහනම් කෙරිණි.

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර