pakistan-bus-accident-kills41

පකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ කයිබර් පක්තුන්ක්වාහිදී බස් රථයක් පාලමකින් පහළට පෙරළීමෙන් පසු ගිනිගැනීමට ලක්වීමෙන් පසු පුද්ගලයන් 41 දෙනෙක් අද (29) මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



බස් රථය  දුරස්ථ ස්ථානයක පිහිටි මිටියාවතකට කඩා වැටී ඇත.  කඩාවැටුණු ස්ථානයේ, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි හම්සා අන්ජුම් පැවසුවේ “මළ සිරුරු...හඳුනාගත නොහැකි” බවයි.



තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු සමඟ මළ සිරුරු 40 ක් සුන්බුන් වලින් සොයා ගත් බවත් ඉන් එක් අයෙකු ටික වේලාවකට පසු මිය ගිය බවත් අන්ජුම් පැවසීය.
දිවි ගලවා ගත් ඉතිරි දෙදෙනා "බරපතල" තත්වයේ සිටියහ.

බලධාරින්ට අනුව බස් රථය බලුකිස්තානයේ අගනුවර වන ක්වෙටා සිට දකුණුදිග නගරය වන කරච්චි දක්වා ගමන් කරමින් තිබී ඇත.

"රියදුරුට නින්ද යන්නට ඇතැයි සැකයක් ඇත," අන්ජුම් පැවසුවේ දිගු ගමනේදී ඔහු වේගයෙන් ධාවනය කරමින් සිටින්නට ඉඩ ඇති බවයි.