Mysterious-death-of-Kandy-St-Sylvester-playground-security-guard

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා අභිරහස් ලෙස ඝාතනයට ලක්වීමේ සිදුවීමක් අද (17) උදෑසන වාර්තා විය.
අත්පය ගැට ගසා තිබූ ඔහුගේ සිරුර අද හමුව තිබුණේ ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා උපදේශකවරයෙකුටය.


සිරුර හමුවන අවස්ථාවේ ඔහුගේ අත්පා ගටැගසා තිබුණ අතරම හුස්ම නොගන්නා බව හඳුනාගැනීම නිසා පොලිසියට දන්වන්නට එය දුටු පුද්ගලයා කටයුතු කළේය.පොලිසිය පැමිණ පරීක්ෂා කරද්දී ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බව තහවුරු විය.
ඔහු මේ ආකාරයට ඝාතනය කරන්නට ඇත්තේ කවුරුන් කුමක් සඳහාද යන්න තවම අනාවරණයවී නැත.
ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි උපුල් සම්පත් නැමැති හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එයිට් සික්ස් සිකියුරිටි සර්විසස් නමැති පුද්ගලික ආරක්ෂක සේවාව හරහා ඔහුගේ සේවය පාසල ලබාගෙන තිබුණි.

මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.