
තිස්සමහාරාම යෝධකන්ඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට ඊයේ (16) අලුයම් කාලයේ කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු එහි නවාතැන් ගෙන සිටි කැනඩා ජාතික යුවලකට අයත් ඇමෙරිකන් ඩොලර් අටසීයක මුදලක් පැහැර ගෙන පලාගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
කැනඩා ජාතික යුවළට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔවුන් සතු මුදල් පැහැරගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. හෝටලයේ කළමනාකරු මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.කිරින්ද පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය
Comments
Post a Comment
Your comment will be visible after approval