සහල් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින්

සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් දී ඇත.
පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.