ranil-cristmas-tree-colombo
ජනාධිපති කාර්යාලය අසල මෙවර නත්තලට ගසක් ඉදිකර තිබේ. ගස ඉදිකරන්නේ පුද්ගලික සමාගමකි. ජනතාව අතර වගා කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් එය ඉදිකරන බව පවසා තිබේ. ඉදිකිරීම ඊයේ (21වැනිදා) ආරම්භ වූ එහි උස අඩි 25කින් යුතු වනු ඇත. මෙම නත්තල් ගස එළවළු පැළ 1750ක් ​යොදාගෙන ඉදිකරන බවත්



කංකුන් පැළ 200, රතුතම්පලා පැළ 340, නිවිති පැළ 240, බටු 180, ගෝවා 300, බණ්ඩක්කා 100, දංගෝවා 240, මිරිස් 100 ලෙස පැළ වර්ග රැසක් යොදා ගෙන ඇති බවත් පැවසේ.
මෙය මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට විවෘත කර තිබේ.
කොළඹ නගරයේ පවතින උෂ්ණත්වය හමුවේ මෙම ගස ප්‍රදර්ශනය කරන දින 10 ඇතුළත පැළ විනාශ වී ගියහොත් ඒ සඳහා අමතර පැළ 250ක්ද ඇණවුම් කිරීමට පියවර ගෙන ඇතැයිද. ප්‍රදර්ශන කාලයෙන් අනතුරුව පැළ ජනතාව අතර බෙදාදීමට සහ බොරැල්ල ප්‍රදේශයේ පාසලකට ලබාදීමට කටයුතු කරන බව නත්තල් ගස ඉදිකරන පෞද්ගලික සමාගම දන්වා ඇත.