
කංකුන් පැළ 200, රතුතම්පලා පැළ 340, නිවිති පැළ 240, බටු 180, ගෝවා 300, බණ්ඩක්කා 100, දංගෝවා 240, මිරිස් 100 ලෙස පැළ වර්ග රැසක් යොදා ගෙන ඇති බවත් පැවසේ.
මෙය මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට විවෘත කර තිබේ.
කොළඹ නගරයේ පවතින උෂ්ණත්වය හමුවේ මෙම ගස ප්‍රදර්ශනය කරන දින 10 ඇතුළත පැළ විනාශ වී ගියහොත් ඒ සඳහා අමතර පැළ 250ක්ද ඇණවුම් කිරීමට පියවර ගෙන ඇතැයිද. ප්‍රදර්ශන කාලයෙන් අනතුරුව පැළ ජනතාව අතර බෙදාදීමට සහ බොරැල්ල ප්‍රදේශයේ පාසලකට ලබාදීමට කටයුතු කරන බව නත්තල් ගස ඉදිකරන පෞද්ගලික සමාගම දන්වා ඇත.
