palei-accident

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පලෙයි මුල්ලියඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (21) සවස පෙරලීයාම හේතුවෙන් මගියකු මිය ගොස් තවත් 20 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා විය.


ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස පලෙයි ප්‍රදේශයේදී පෙරළී ගිය අතර අඩි 100 ක පමණ දුරක් ඇදී ගොස් පෙරළී වැටී ඇත.

මෙම අනතුරේදී 15 දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට සහ 05 දෙනෙකු කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර අයෙකු මියගිය අතර තවත් 8 කගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මියගිය පුද්ගලයා බස් රථය ඇදී යන අවස්ථාවේ ඉන් විසිව ගොස් මිය ගියේය.
තවත් ලංගම බස් රථයක් සමග තරගයට මෙන් මෙම රථය ධාවනය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
බස් රථයේ රියදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.