
රංගන ශිල්පිනි නීතා සමරනායක මේ වනවිට මෙහෙණි සසුනට ඇතුළත්වී සිටින්නීය.
නීතා ලෙසින් ගිහි ජිවිතයේ සිටි එතුමිය දැන් පූජ්‍ය ධම්ම සතිමා භික්ඛුනී වහන්සේ යනුවෙන් හැඳින්වෙයි.
මෙලෙස උන්වහන්සේ සසුන්ගත වුයේ 2021 වෙසක් මස 22 වන දින මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේදීයි.
යුටියුබ් වැඩසටහනකට සහභාගිවූ උන්වහන්සේ ජීවිතයේ වැදගත් තීරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් මෙසේ කියා තිබේ.
‘මේක මම හරිම සතුටින් ආපු ගමනක්, බොහෝ දෙනෙක් කියනවා ජීවිතය ගැන කලකිරිලා ගියා කියන දේ. ඇත්තටම එහෙම දෙයක් නෑ.
මම මේ ගත්ත තීරණය ගැන දුක් වෙන්නේ නැහැ, පුතා මාත් එක්ක තරහ වෙලා. මගේ ලේලි තාමත් අඬනවා. මව ජීවිතෙන් සමු ගත්තා වගේ අඬනවා. ජීවිතය ගැන හරි අවබෝදයකින් ඉන්නවානම් අපි කිසිම දෙයකට දුක් වෙන්න අවශ්‍ය නැහැ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval