lpl-winner-jaffna-kings

සිකුරාදා රාත්‍රියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2022 අවසන් මහා තරගයේදී කොළඹ ස්ටාර්ස් පිල කඩුලු දෙකකින් පරාජය කළ ජැෆ්නා කිංග්ස් වාර්තාගත තෙවැනි වරටත් ශූරතාව හිමිකර ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවී බොපාරා නොදැවී ලකුණු 47යි.තරගය ජයගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 164කි.ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.
තරඟාවලි සම්මාන:

අවසන් තරගයේ ක්‍රීඩකයා: අවිශ්ක ප්‍රනාන්දු,

වැඩිම ලකුණු: අවිශ්ක ප්‍රනාන්දු,

වැඩිම කඩුලු: Carlos Braithwaite,

තරඟාවලියේ නවෝත්පාදක ක්‍රීඩකයා: රහ්මානුල්ලා ගුර්බාස්.

තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා: විජයකාන්ත් වියස්කාන්ත්

තරගාවලියේ වීරයා: සධීර සමරවික්‍රම