eppawala-kid-missing


එප්පාවල ප්‍රදේශයේ අතුරුදන්ව සිටි නව හැවිරිදි පිරිමි දරුවා සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
දෙසැම්බර් 19 සඳුදා P. K. දෙනෙත් ප්‍රේමසුන්දර නමැති මෙම දරුවා පැහැරගෙන ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විදුලි කාර්මිකය පුද්ගලයෙකු සෙවීමට මහජන සහය ඉල්ලා තිබුනි.


දරුවා සොයාගත් පසු අදාළ විදුලි කාර්මිකයාවද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.



මෙලෙස පැහැර ගැනීමට ලක්වූ නව හැවිරිදි පිරිමි දරුවා කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෙම  සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පවසා තිබුණි.අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර  නම් මෙම දරුවා 19 දා රාත්‍රි 8.30 න් පමණ පසුව නිවසේ නොමැති බවට දැනගැනීමෙන් පසු පොලිසියට දන්වා පරීක්ෂණ අරඹා තිබූ අතර දරුවාව සගවාගෙන සිටියදි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.