ashu-marasinghe-dog

මහාචාර්ය ආශු මාරසිංහ මහතාට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බව ජනපති මාධ්‍ය ඒකකය ඊයේ නිවේදනය කළේය.පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බව දන්වා ඇතත් ඒ කුමක්දැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ නැත.
ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවුයේ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරෙන අසාමාන්‍ය ආකාරයේ වීඩියෝවක් සමාජගත වීම නිසා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හෙළි කර සිටියාය.


කොළඹ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ආශු මාරසිංහ මහතා සිය ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා සුරතල් බල්ලෙකු භාවිතා කර ඇති බවකි. ඇය සාක්ෂි ලෙස එම සංසිද්දියට අදාළ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කළාය.
ඔහුගේ මෙම ක්‍රියාවට වසර 20ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක් බවද ඇය පැහැදිලි කළාය. මෙම හෙළිදරව්ව හිරුණිකා සිදු කළේ ආශු මාරසිංහ මහතා සමග නිවසේ එකට ජීවත් වූ බිරිය බව කියන ආදර්ශා කරදන මහත්මියද සමග මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.