kush-drug-parcel

විදේශ රටක සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ සෙල්ලම් බඩු පාර්සලයක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 367ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර,

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගල්‍යයකි. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව, රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එකතුව මෙම පරීක්ෂා කිරීම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුකර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙම සෙල්ලම් බඩු පාර්ලසයක මෙරට එවා තිබෙන බවට වාර්තා වන අතර, මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 02කට ආසන්න බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අදාළ පාර්සලය පරීක්ෂා කර තිබෙන්නේ පෙරේදා (24දා) දිනයේදී බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමද එදින සිදුකර තිබේ.

ඉන්දික හේවාවිතාරණ