
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ රාමනාදන් ශාලාවට පෙරේදා (7) කඩාවැදුණු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවකුට පහරදී එම සිසුවා සමග පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවියක රැගෙන ගොස් ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ බව කියන දන්ත වෛද්‍ය සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත. ප
ේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරි පේරාදෙණිය පොලිසියට මේ බව පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දන්ත වෛද්‍ය සිසුවිය රැගෙන ගියේ යැයි කියන කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සිසුවා ඇයගේ පරණ පෙම්වතා බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම සිසුවිය පහරකෑමට ලක්වූ සිසුවා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියමින් මෙසේ කර ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවා රැගෙන ගියේ යැයි කියන දන්ත වෛද්‍ය සිසුවිය ඇය පදිංචිව සිටින කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවසට පැමිණ ඇතැයි ඇයගේ පියා පොලිසියට දැනුම් දී ඇත.
දන්ත වෛද්‍ය සිසුවාට පහරදුන් බව කියන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවා අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval