
භූ විද්‍යා තාක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර ඇති අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යවා ඇත.
කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ සෙනරත් හේවගේ, ප්‍රසාද් මංජුල එහි සභාපති ධුරය හොබවමින් සිටියදීම වැලි කැණීමේ සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දැරූ බව පසුගියදා අනාවරණය විය.
එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සජ්ජන ද සිල්වා මහවැලි ගඟ, ත්‍රිකුණාමලය සාෆි නගර් ප්‍රදේශයේ වැලි කැණීම සඳහා අවිධිමත් ලෙස බලපත්‍ර නිකුත් කර තිබූ බවට තොරතුරු හෙළිදරව් වී තිබිණි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා පත්‍රයක්ද භාර දුන්නේය.
සාලිය කුමාර ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval