
විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය.
එනිසා ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු අනිවාරෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොකළහොත් රටට ම අඳුරු යුගයකට යෑමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
අද පාර්ලිමේන්තුව අමතමින් විජේසේකර මහතා කියා සිටියේ
දැනට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් ඇත්තේ තාප විදුලි බලාගාර බවයි
විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීම සදහා විදුලි බිල සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව කී අමාත්‍ය කංචන විජේසේකර මහජන උපයෝගීතා කොමිසම ජනතාව නොමග යවන බවටද චෝදනා කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval