The-rogue-Kattadia-who-raped-her-saying-that-she-would-bring-her-husband

පවුල හැරගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරිදගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඩියකු (04) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි (55) හැවිරිදි තිදරු පියෙකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් වශී ගුරුකම් හරහා පවුල හැරගිය සැමියා, බිරිඳ, දරුවා ගෙන්වා දෙන බවට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව හෝමාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි ගාල්ල ප්‍රදේශයේ 44 හැවිරිදි රූමත් කාන්තාවක පසුගිය දා එම දේවාලයට පැමිණ ඇත්තේ ඇය හැරගිය සැමියා ගෙන්වා ගැනීමට වශී ගුරුකමක් කරවා ගැනීමේ අරමුණින් බව පොලීසිය කියයි.

ඒ අනුව පළමු දිනයේ දී සැකකරු ආරූඪයෙන් ශාස්ත්‍රයක් කියා හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරිඳගේ සිරුරේ වශී තෙලක් ආලේප කොට ජප කළ යුතු බව පවසා ඇති අතර ඊට එකඟ වූ කාන්තාව වශී ගුරුකම කරවා ගැනීමේ අරමුණින් වෙනත් දිනයක දී දේවාලයට ගොස් තිබුණි.එහිදී සැකකරු දේවාලයේ ආවතේව ආරම්භ කොට ඒ තුළ අධික ලෙස ධූමායනය කොට වශී ගුරුකම කරමින් කාන්තාවගේ සිරුරේ ස්ථාන රැසක තෙල් ආලේප කිරීමේ මුවාවෙන් ලිංගික අතවර කිරීමට පටන් ගෙන තිබේ. එහිදී කාන්තාව විරෝධය පළ කිරීමත් සමඟ සැකකරු දේවාලය තුළදීම සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය කියයි.

එහිදී සැකකරු කාන්තාව සපා කෑමට ද ලක්කර ඇති බවත් දූෂණයට ලක් වන අවස්ථාවේ දී කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක තුවාල වී ඇති බවත් පැවසේ.

පසුව එම ස්ථානයෙන් පැන ගත් කාන්තාව හෝමාගම පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව ඒ නිලධාරී කණ්ඩායමක් දේවාලයට ගොස් එහි රැඳී සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිඳ මීට වසර 2 කට පමණ පෙර ඔහු හැරගොස් ඇති බව ද  පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න