
ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගී රැසක් දායාද කළ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතා ජීවිතයෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහුට වයස 81 ක් විය.
මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි.. ඇතුළු ගීත 4000 ක් පමණ රචනා කළ ඔහු කාලයක් වෙළෙඳ දැන්වීම් ක්ෂෙත්‍රයේ නිර්මාණ රචකයෙකු ලෙස ග්‍රාන්ට් ආයතනයේ සේවය කළේය.
1977 සිට 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළේය.
හේම ශ්‍රී බිරිය වූයේ ගායිකා අයිරින් ද අල්විස්ය. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක වූ ඇය දෑස පා සිනා, සඳ වගෙ ලස්සන රූපිකා, ඔබෙයි මගෙයි මධුර පෙම් අතීතේ, වසුන්දරා,ආදරේට නැද්ද ලෝකේ ආදරය වැනි හේම ශ්‍රී අතින් ලියැවුණ ජනප්‍රිය ගීත ගායනය කර තිබුණි.1969 විවාහ වූ ඔවුනට පුතුන් දෙදෙනෙක් සිටී. අයිරින් ද අල්විස් මහත්මිය 2018 වසරේදී ජීවිතයෙන් සමුගෙන තිබුණි.
හේමශ්‍රී මහතාගේ දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (5) සවස 4 ට තල්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval