
අද (5) අළුයම් කාලයේදී කිලිනොච්චිය පොලිස් වසමේ මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කිලෝ මීටර් 247 කණුව ආසන්නයේදී කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ සිටි ගවයකුගේ ගැටීමෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මඟින් 19 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 11ක්, කාන්තාවන් 07 ක් හා වයස අවුරුදු 1 2 ක කුඩා පිරිමි දරුවකුද වේ.
රියදුරු හා රිය සහයක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Comments
Post a Comment
Your comment will be visible after approval