
ශ්‍රී ලංකා ස්කාගාර සමාගම විසින් නිපදවන අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් මිල පහත දමා තිබේ.
මේ අනුව අති විශේෂ (ගල් අරක්කු) මිලිලීටර් 750 ක බෝතලයක් රුපියල් 80 කින්ද, මිලිලීටර් 375 රුපියල් 60 කින්ද, මිලිලීටර් 180 රුපියල් 20 කින්ද පහත දමා ඇත.
රට තුළ මත්පැන් අලෙවිය අඩුවීම නිසා මත්පැන් නිපදවන සමාගම් සිය නිෂ්පාදනවල මිල පහත දැමීමට ගෙන ඇති තීරණය අනුව එම සමාගම සිය නිෂ්පාදන මිල පහත දැමීමට කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval