
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී දිනේෂ් ෂාෆ්ටර් මහතා දෙසැම්බර් 15 වනදා අබිරහස් ලෙස ඝාතනයට ලක්කිරීම සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය සිදු කරන පරීක්ෂණවලදී මේ වනවිට පැති කිහිපයක් වෙත අවධානය යොමුව ඇත.
සඳුදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CCTV කැමරා 08ක දර්ශන පරික්ෂාවට ලක්කර ඇති අතර එම දර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථයේ ගමන් කර ඇත්තේ තනිවය.නමුත් කනත්ත අසළ සීසීටීවී වාර්තා තවම නිසි පරිදි පරීක්ෂා කර තොරතුරු හෙලි කරගෙන නැත.
බ්‍රයන් තෝමස් හමුවීමට අවශ්‍ය බවට සඳහන් කරමින් ෂාස්ටර් එස්එම්එස් පණිවිඩයක් සිද්ධියවූ දිනයේ බ්‍රයන් වෙත යොමු කර තිබෙන අතර එය යවා තිබීම මත මෙම සිද්ධියට සෘජුවම බ්‍රයන් ගැන සැක ඇති විය. නමුත් පොලිසිය සිදුකරගෙන පරීක්ෂණ වලදී එම පනිවිඩය ගැන දැන් සැකයක් ඇතිව තිබේ. ඇතැම් විට ෂාස්ටර් ග්‍රහණයට ගත් තිසියම් අයෙකු බ්‍රයන් හසුවන ලෙස මෙම ගාතනය සිදුකළාද යන සකයයි.
එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒ මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය වෝහාරික වාර්තා ලබාගැනීමට යොමුකර ඇත.
දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය පරික්ෂා කිරිම අරඹා ඇති නමුත් එහි විශාල දත්ත ප්‍රමාණයක් තිබීම හේතුවෙන් පරීක්ෂණ සඳහා යම් කාලයක් ගතවන බවද දන්වා ඇත.
බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් මෙතෙක් පරික්ෂා කිරීම් අරඹා නොමැත.
බ්‍රයන් හමුවීමට අවශය බව කියමින් ෂාස්ටර් යැවෟූ පනිවිඩය යැවූ වෙලාව සහ ස්ථානය පිළිබඳව කළ විමර්ශනවලදී එය යවා ඇත්තේ ෂාෆ්ටර් බොරැල්ල කනත්ත සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව බව අනාවරණය වී ඇති අතර ඒ අනුව මෙම ඝාතන සැකය වෙනතක යොමු කිරීමේ උත්සාහයක් පැවති බවට සැකයක් මතුව ඇත.
එම පණිවිඩය යැවුවේ සැබැවින්ම ෂාෆ්ටර්ම ද එසේ නැතහොත් ඔහුව ග්‍රහණයට ගෙන සිටි ඝාතකයාද යන්න ගැන විමර්ශන සිදුවේ.
පසුගිය 15 වැනිදා සිදුවූ මෙම ඝාතනය පිළිබඳ ව කළ විමර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මල් පාරේ පිහිටි සිය නිවසින් පිටත් වී කෙළින්ම බොරැල්ල කනත්තට රිය පදවා ඇති බවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
වාහනයට අතරමඟදී යමකු ගොඩ වූයේද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැත.
දිනේෂ් ෂාෆ්ටර් ගේ අවසන් කටයුතු 18 දාක සිදු කෙරුණු අතර ඊට අදාළ ආගමික දේව මෙහෙය බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේදී පෞද්ගලිකව සිදුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval