
බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වී එහි තිබූ බලපත්‍ර සහිත පිස්තෝලයක් සහ කෝටි 3කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරාගන ගොස් ඇති බව පොලිසිය පවසයි. පිස්තෝලයට අමතරව එම උණ්ඩ 12 ක්, රුපියල් එක්කෝටි එක් ලක්ෂයකට අධික මුදල්,
රුපියල් ලක්ෂ 22ක පමණ විදෙස් මුදල් සහ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඉකුත් 16 වැනිදා දහවල් කිසියම් පුද්ගලයකු මෙම නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බවත් කිසියම් පුද්ගලයකු නිවසට ඇතුළු වී භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ව්‍යාපාරිකයාගේ බිරිය ව්‍යාපාරිකයාට දුරකතනයෙන් දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.සැකකරු නිවසේ තාප්පයක් දිගේ පැමිණ, දෙවන මහලේ නාන කාමරයේ දොරක් විවෘත කරගෙන එමගින් නිවසට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු දෙවැනි මහලේ කාමරයක තිබූ අල්මාරියක් කඩා එහි තිබූ මෙම භාණ්ඩ හා මුදල් සොරාගෙන පලා ගොස් ඇති බවද පොලිසිය කියයි. මෙම භාණ්ඩ සොරාගත් සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළිවී නොමැති අතර සී.සී.ටී.වී. කැමරා ඔස්සේ සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට පරීක්ෂණ කරන බවද පොලිසිය පවසයි. බම්බලපිටිය පොලිසිය සිද්ධිය පරීක්ෂණ සම්බන්ධයෙන් පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval