නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.





ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඊයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

නව නාවික හමුදාපතිවරයා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමුවී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.



මේ අතර, නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී සුහද කතාබහක නිරත විය.