The-goats-and-cattle-in-the-north-are-dying-because-they-cannot-withstand-the-extreme-cold-of-17-degrees

පවතින සාමාන්‍ය නොවන අධික ශීත දේශගුණය සිරුරට දරාගන්නට අපහසුවීමෙන් දිවයිනේ උතුරු ප්‍රදේශයේ සතුන් මියයාමට පටන් ගෙන ඇතැයි වාර්තා පළව තිබේ.


කිලිනොච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් 316 ක් හා රළුවන් 170 ක් පමණ මේ වනවිට මියගොස් තිබේ.
කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් 165 ක් සහ එළුවන් 07 මියගොස් ඇතැයිද එම අවස්ථාව වනවිට උෂ්ණත්වය අංශක 17 ලෙස සටහන්ව තිබූ බවද වාර්තා විය.
සතුන් බේරාගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල සහ ගවමඩුවල විශාල ගිනිමැල ගසා එම සතුන් උණුසුම් කිරීමට උත්සාහ කර තිබූ නමුත් ඇතැමුන්ගේ ජීවිත එලෙසද බේරාගන්නට බැරිව ගොස් තිබේ.

 දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබේ.