
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ හමුවක් පැවැත්විණි.
වසර 33ක් පුරා ජාත්‍යන්තර ලියෝ සමාජයේ සහ සිංහ සමාජයේ සාමාජිකත්වය දරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපතිවරයා විසින් මෙහිදී සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට දායක වීම ඇතුළු කරුනු කිහිපයක් ගැන සාකච්ඡා විය.
සිංහ ලොරි මාරි ෂීහාන් (Lori Marie Sheehan), සිංහ මහේෂ් පැස්කුවල්, සිංහ සුනිල් වටවල, සිංහ අනුර වික්‍රමනායක, සිංහ ලසන්ත ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments
Post a Comment
Your comment will be visible after approval