akmeemana-incident

ඊයේ (5) ගාල්ල අක්මීමන ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවූ මරණ දෙකක් වාර්තාවී තිබේ.



අක්මීමන පුවක්වත්ත ප්‍ර දේශයේ නිවසක වාසය කරමින් සිටි යුවළකගේ සිරුරු හමුවූ බවට අසල්වාසීන් ලබාදුන් ඇමතුම අනුව ක්‍රියාත්මකවූ පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවේදී එම නිවසේ බිරිය ඝාතනයවී නිවසේ ඇඳක් මත සිටින ආකාරයත් සැමියා බාල්කයක එල්ලී සිටිනක ආකාරයත් හඳනාගන්නට ලැබ තිබේ. සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස 31 වන කාන්තාවක හා 42 වන පිරිමියෙකි. ඔවුන් අතර ආසන්න කාලයේ ආරවුල් පැවති බවට අසල්වාසීන් සාක්සි සපයා ඇතිඅතර සිදුවීම සිදුවූ දිනයේ විශාල බහින්බස්වීම් හඩවල් ඇසුණ බවටද විලාප නගනු ඇසුණ බවටද සාක්ෂි ලැබී තිබේ.
මෘත දේහයන් කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.