air-quality-low-again

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය අද යළිත් පහත වැටී තිබෙයි.

ඒ අනුව අද වන විට කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි.



මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකියි.

කෙසේ වෙතත් සති අන්තයේ අඩු මට්ටමක පැවති යාපනය, පුත්තලම, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව වැඩි වී තිබෙයි.

ඉන්දියාවේ සිට සුළං සමඟ ගමන් කරන දූෂිත වාතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බව මීට පෙර තහවුරු වුණි.

පසුගිය දින කිහිපය තුළ විශේෂයෙන් වැසි සමඟ කාලගුණික රටාව සමඟ වාතයේ ගුණාත්මක භාවය උච්ඡාවචනය වී තිබෙයි.