
දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මහා මාර්ගයට යෑමට ගිය තරුණයන් දෙදෙනකු සහ තරුණියක පෙරේදා 17 වැනිදා පෙරවරුවේ දුම්රියක ගැටීමෙන් එක් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ දුම්රියෙහි මෙම තරුණයාත් තරුණියත් ගැටී ඇතැයි පොලිසිය කියයි. මෙම අනතුරට ලක්වූ අනෙක් තරුණයා තුවාල ලබා සිටි බව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ කරන්දෙනිය, කිරිපේද්ද පදිංචි වයස අවුරුදු 22ක් වන පොල්වත්ත කනානයිලාගේ රොෂාන් රන්දික විජේසිංහ තරුණයා සහ අම්බලන්ගොඩ, වතුගෙදර, වඩුමුල්ල පදිංචි සමන්තියා වසම් තෙරිනි ලක්මී (22) වියැති තරුණිය බව පොලිසිය කියයි. බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 12 දෙනකු දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දුම්රියෙන් විනෝද චාරිකාවක් සඳහා පැමිණ දෙහිවල දුම්රිය පොළෙන් බැස ඇති අතර,
මෙම තිදෙනා ගුවන්පාලමෙන් ගමන් නොකර දුම්රිය වේදිකාවෙන් පැන දුම්රිය පාර හරහා ප්‍රධාන මාර්ගයට බස් රථයක් ගැනීමට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. අනෙකුත් පිරිසද මීට පෙර එම මාර්ගයෙන්ම දුම්රිය මාර්ගය හරහා ගමන්කර ඇති අතර මෙම තිදෙනා අන්තිමට පාර මාරුවීමට ගොස් ඇති බවත් පොලිසිය කියයි.
එච්.එම්. ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval