twitter-musk-changes

ඩොලර් බිලියන 44ක් ගෙවා ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව මිලට ගැනීමට ඉලොන් මස්ක් කටයුතු කිරීමෙන් පසු ඔහු එහි සේවකයින් විශාල වශයෙන් ඉවත් කරන ලද්දේ ඔහුට අවශ්‍ය හැඩය සාදා ගැනීමටත් එහි ලාභයක් ලබාගැනීමටත් අවශ්‍ය වූ නිසාය.
නමුත් දැන් එක්සත් ජනපදයෙන් ලැබෙන ආරංචි වලින් පැවසෙන්නේ ඉලොන් මස්ක් සිදු කළ වෙනස්කම් ඔහුටම පාරාවලල්ලක් බවට පත්ව සමාගම බංකොලොත්භාවය කෙරෙහි ගමන් කරවීමට හේතුවී ඇති බවයි.
ඉලොන් මස්ක් ගැන කලකිරී එහි අත්‍යවශ්‍යම ප්‍රධාන  විධායකයින ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රහස්පතින්දා ඉලොන් මස්ක්ගේ ට්විටර් හිමිකාරිත්වය අවුල් සහගත තත්වයකට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වාර්තා කළේය.



ටෙස්ලා සහ ස්පේස්එක්ස් හිමිකරු මස්ක් විසින් හඳුන්වා දුන් නව විශේෂාංග අවුල් සහගත ලෙස දියත් කිරීමෙන් දිනකට පසුව මෙම වියවුල සිදුව ඇත.
ට්විටර්හි ප්‍රධාන රහස් රකින කණ්ඩායමේ සාමාජිකයින් ඉවත් වූ බව වාර්තා වූ අතර ප්‍රධාන සුරැකුම් නිලධාරි ලී කිස්නර් ට්වීට් කළේ “මම ට්විටර් හැර යාමට දැඩි තීරණයක් ගත්තෙමි.‘ යනුවෙනි. ඔවුන්ට මස්ක් සම්‍යශීලී නොවූ බවත්
තත්වය වෙනස් නොකළහොත්  ප්‍රශ්නය ඔඩුදුවනු ඇති බවට මස්ක් සේවකයින්ට කළ අනතුරුදායක කතාවක් මෙයට හේතුවී ඇත.

එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ, වෙළඳ දැන්වීම්කරුවන්ට ට්විටර් දැන් එපාවී ඇති බවයි.වෙබ් අඩවියේ විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා වන යොයෙල් රොත් හා ට්විටර් වෙළඳ දැන්වීම්කරුවන් සමඟ සම්බන්ධ කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සහ ප්‍රධාන මස්ක් සගයෙකු ලෙස සැලකෙන රොබින් වීලර් ද ඉවත් වීම සමාගමේ අභ්‍යන්තර දෙදරවා ඇත.

 සති දෙකක කාලයක් තුළ මස්ක් ට්විටර් කාර්ය මණ්ඩලයෙන් අඩක් සේවයෙන් පහ කර, ඉහළ විධායකයින් බොහොමයක් ඉවත් කර ඉතිරි සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීම නවත්වන ලෙසද නියෝග කළේය.


මේ වනවිට සමාගමේ ඇතිවතිබෙන අර්බුදය නිසා ට්විටර් කොටස් මිලදී ගැනීම් ට්විටර් පොදු වෙලඳපොලවල් පරීක්ෂාවෙන් ඉවත් කර ඇති අතර, මස්ක් සමාගමට ඩොලර් බිලියන 13 කට ආසන්න ණය පටවා ඇති බව වාර්තාවේ. ට්විටර්හි ඉදිරි අනාගතය  දැන් වෝල් වීදියේ බැංකු හතක් අතේ ඇති බවද පැවසේ.

සමාගම පිළිබඳ විශ්වාසය කෙතරම් වේගයෙන් ඛාදනය වී ඇත්ද යත්, මස්ක්ගේ බංකොලොත් ප්‍රකාශයට පෙර පවා, සමහර අරමුදල් ඩොලරයට ශත 60 ක් වැනි සුළු මුදලකට මිලදී ගැනීමට ඇතැමුන් ඉදිරිපත් විය. එය සාමාන්‍යයෙන් මූල්‍ය පීඩාවට පත්ව සිටින සමාගම් සඳහා වෙන් කර ඇති මිලක් බව බ්ලූම්බර්ග් පුවත් බ්‍රහස්පතින්දා වාර්තා කළේය. .