dhanushka-gunathilaka-settlement

ශ්‍රී ලංකා ක්‍රිකට් අපකීර්තියට ලක්කරමින් ධනුෂ්ක ගුණතිලක සිඩ්නිහිදී කාන්තාවක අතවරයට ලක්කිරීමෙන් පසු ඔහු නඩුවෙන් බේරාගන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය අසාමාන්‍ය උත්සාහයක යෙදෙන ආකාරයත් ඒ අතරවාරයේ කාන්තාව සමග කිසියම් සමථයකට එලැඹ වන්දියක් ගෙවා නඩුවෙන් ඉවත්වීමටත් උත්සාහ කරමින් සිටින බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති නිලධාරී චානක සේනානායක මහතා අද (11) සවස මාධ්‍ය අමතමින් පැවසීය.


ඔහු මේ හෙළිදරව්ව කරන්නේ ඇතුළතින් ලැබෙන තහවුරු කරගත් තොරතුරු අනුවයි. කෙසේ වෙතත් ඔහුගේ නම සඳහන් නොකර ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයකින් කියැවුනේ ධනුෂ්කගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් නීති නිලධාරියෙකු යොදවා නැති බවයි.
නීතීඥ චානක සේනානායක හෙළි කළ පරිදි ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සදහා ලබන සදුදා යළිත් ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වන අතර ඇප ලබාගැනීම සදහා ඩොලර් ලක්ෂ 2ක මුදලක් අවශ්‍ය වන බව ඔහු සදහන් කරයි.
එම මුදල් සොයාගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි වෙහෙසක් ගන්නා බවත් ‘හිඟා කෑමක්‘ ලෙස හඳුනාගත හැකි එම උත්සාහය තමාගේ දැනුමේ හැටියට විමතියට කාරණාවක් බවද පවසා තිබේ.

ඔහු තර්ක කරන්නේ ක්‍රිකට් පාලක මන්ඩලය ඩොලර් මිලියන ගණනින් ආදායම් ලබන තැනක් බවත් ඩොලර් ලක්ෂ දෙකක් වෙනුවෙන් අන් අය අමතමින් ඔවුන් මුදල් ඉල්ලීම සිතාගන්නට බැරි සිදුවීමක් බවයි. තමාගෙන්ද ඩොලර් 50000 ක් ඉල්ලාතිබූ බවත් සහෝදර ක්‍රීඩක වනිඳු හසරංග විශාල මුදලක් පරිත්‍යාගකර ඇති බව දැනගත් බවත් චානක සේනානායක පැවසීය.
මේ අතර ඔහු සඳහන් කළේ 2 නෙකු හැර ක්‍රිකට් පාලක මන්ඩලයේ සියලු දෙනාම මේ අවස්ථාවේ සිටින්නේ ඕස්ට්‍රෙලියාවේ බවත් ඔවුන් ධනුෂ්ක බේරාගන්නට කියා එහි ගොස් සිටින බවයි.
ඇප ලබාගැනීමේ පළමු උත්සාහය අසාර්ථක වූවොත් දෙවනුව එරට මහධිකරණයටත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයටත් යාහැකි බව පෙන්වා දෙන නීතීඥ චානක
ඇප ලබාගැනීමට හෝ  කාන්තාව සමග කිසියම් මුදලක් පොරොන්දු කරගෙන සමථයකට ඒමට එහි සිටින නීතීඥයින් උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.