
සචිනි ලක්ෂාණි ගලප්පත්ති නමැති පේරාදෙනිය සරසවියේ දත්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවිය පසුගිය 31 වනදා අවාසනාවන්ත ලෙස නේවාසිකාගාරය ඉදිරිපිටදී රිය අනතුරකට ලක්වීමෙන් මියගියාය. දින ගනනාවක් තිස්සේ රෝහල් ගතව සිටිමෙන් පසු ඇය මියගිය අතර ඇය මියයන්නට පෙර වෛද්‍යවරුන් පවුලේ අයට දන්වා තිබුනේ දැරියගේ මොළය මියගොස් ඇති බවත් සිරුරේ කොටස් කැමතිනම් දන්දීමට හැකි බවත්ය. ඒ අනුව ඇගේ පවුලේ අය ඊට එකඟතාව පළ කළ අතර ඇයගේ සිරුරේ කොටස් දන්දීමට කටයුතු කර තිබේ.
රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවිය මියගියේ අනතුරින් දින 9 කට පසුය.
තංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සිසුවිය තවත් සිසුවියන් දෙදෙනෙකු ද සමග අධ්‍යයන කටයුතු නිමාකාර හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය වෙත යමින් සිටියදී මෝටර් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.
අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට පොලිසිය සැක කරයි.
මෝටර් රථය මාර්ගයේ අනෙක් පසට ධාවනය වී සිසුවියන් තිදෙනා ද යට කරගෙන ගොස් යතුරුපැදියක ගැටී නතර වී තිබුණු අතර අනෙක් සිසුවියන් දෙන්නාට තුවාල සිදුවී රෝහල් ගත කර පසුව සුවය ලබා පිටවිය. නමුත් සචිනි ලක්ෂානි අවාසනාවන්ත ලෙස මරු වැළඳගත්තාය. ඇයගේ සිරුරේ අවයව දන් දෙන්නට ඇගේ කාරුණික පවුලේ අය පරිත්‍යාගශීලි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval