දින 5කට පෙර අතුරුදන් වු ටෙලිකොම් සේවකයාගේ මළසිරුර ඇළකින් හමුවේ  

Ad Code

දින 5කට පෙර අතුරුදන් වු ටෙලිකොම් සේවකයාගේ මළසිරුර ඇළකින් හමුවේ  

telecom-man-died

දින 5කට පෙර නිවසින් අතුරුදන් වී අබිරහස් ලෙස මියගොස් තිබූ පුද්ගලයෙකුගේ මළසිරුරක් වීදියගොඩ මාරගස් හන්දිය ටැමරන්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක උළු කැපූ ඇළ අසල තිබී පෙරේදා (26දා) හමුවූ බව මොරගහහේන පොලීසිය පවසයි මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ගෝනපොළ, හාලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ටෙලිකොම් ආයතනයේ සේවකයෙකු වූ දෙදරු පියෙකු වන කංචන කමල් කරුණාරත්න (අවු.36) නමැත්තෙකි.



ගවයන්ට තණ කැවීම සදහා කැලෑ ප්‍රදේශයට ගොස් සිටි එම ප්‍රදේශයේ පුද්ගලයකුට දුඟදක් දැනී අවට පරීක්ෂා කරන අවස්ථාවේදී මළසිරුර දැක දැනුම් දුන් බව පොලීසිය කියයි. අනතුරුව එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී බෙලිපට්ටා ගසක් යට මළසිරුර උඩුබැලි අතට තිබූ බවත් ගසේම ඉහළ අත්තක රෙදි පටියක් එල්ලෙමින් තිබූ බවත්, ගමන් බෑගයක් හමුවූ බවත් ඒ තුළ තිබී මිය ගිය පුද්ගලයාගේ හැඳුනුම්පත සමග මුදල් පසුම්බිය හමුවූ බවත් පොලිසිය සදහන් කරයි.

ඉකුත් ඉරුදින මෙම පුද්ගලයා කුඹුක ප්‍රදේශයේ ඔහුගේ මව සහ පියා පදිංචි නිවසට ගොස් පොළට යන බව පවසා දවල් 12.30 ට පමණ නිවසින් පිටවී ගිය බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.  නිවසින් පිටවුවාට පසු පියා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබා දීම පුරුද්දක් ලෙස සිදුකර ගෙන තිබූ අතර එදින සවස 4 පමණ දක්වා දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තද ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් හවස හතරෙන් පසු දුරකථනය නාද නොවූ බව පියා පැවසූ බව පොලීසිය කියයි.



සිය පුතු අතුරුදන්වීම සම්බන්ධයෙන් අද දින පොලීසියට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙමින් සිටි බව පියා වැඩිදුරටත් පැවසූ බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ) 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu