sudewa-rangana-paper-ad

ඊඒපී බ්‍රෝඩ්කාස්ටින් කම්පැනිය අයත් බෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ඊයේ(27) ඉරිදා ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පත මගින් වෙළෙඳ දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් දන්වා ඇත්තේ, සුදේව රංගන හා කවින්ද යන සේවකයින් තිදෙනා තවදුරටත් එම ආයතනය සමග කටයුතු නොකරන බවත් ඔවුන් ආයතනය නමින් සිදු කරන කිසියම් ගනුදෙනුවක් වේ නම් ඒ ගැන ආයතනය වගනොකියන බවත්ය.


තිදෙනාගේම ඡායාරූපද හැඳුනුම්පත් අංක හා සම්පූර්ණ නම්ද එම දැන්වීමට ඇතුළත් කර ඇත.
පුද්ගලික මාධ්‍ය ආයතන පරිපාලන ප්‍රධානින් සේවයෙන් ඉවත්වීමකදී මේ ආකාරයට දැන්වීම් පළකිරීමක් මින් ඉහත වාර්තාවී නැත. සාමාන්‍ය ලෙස මේ ආකාරයේ දැන්වීම් පුවත්පත්වල පළ කරන්නේ ආයතනය නමින් විවිධ අය සමග ගනුදෙනු සිදුකරමින් සිටින අය සේවයෙන් ඉවත්වීමකදීය.
බොහෝවිට අලෙවිකරණ ක්ෂෙත්‍රයේ අයගේ නම් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම් සිදුවේ. එයට හේතුව එවැනි අය කිසියම් වංචාවක් සිදු කර ඇතිනම් ආයතනයට එම චෝදනා වලින් ගැලවීමට මෙම දැන්වීම් මගින් නීතිමය හැකියාවක් ලැබෙන බැවිනි.