teachers-retire-age

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 60 සම්පුර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව සිටින අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් කිහිපදෙනෙකු හා විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු තවදුරටත් තනතුරුවලට රැදීසිටීමට උත්සාහ ගනිමින් තිබන බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

දේශපාලනඥයන්ගේ සහයෝගය ලබා ගනිමින් විශ්‍රාම යාම දීර්ඝ කර ගැනීමට උත්සාහ කරමින් සිටි බවත්,

මෙම තත්වයන් වැලැක්වීම සඳහා බලධාරින් කටයුතු කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. ප්‍රතිපත්තිමය තීරණයට අනුව ගුරු  විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ10,000කට ආසන්න පිරිසක් මේ වසර අවසන් වනවිට විශ්‍රාම යාමට නියමිතව සිටි බවත්, මෙම විශ්‍රාම ගිය පසු පුරප්පාඩු සදහා ඊට අදාළ පිරිස් බදවාගත යුතු බවත් හෙතෙම පවසා සිටියේය. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පත්තියේ තනතුරුවල සේවයේ නියුතු 37දෙනකු විශ්‍රාම යාමට නියමිතව සිටි බවත්, මෙම සේවාවේ පළමු පන්තියේ නිලධාරින් 100කට ආසන්න ප්‍රමාණයක් තනතුරු නොමැතිව සිටි බව ලේකම්වරයා සදහන් කලේය.මේ නිසා වයස අවුරුදු 60 සම්පුර්ණ වන පිරිස් විශ්‍රාම ගන්වා තනතුරු නොමැතිව සිටි නිලධාරින් අදාළ තනතුරු සදහා බදවා ගැනීමට විදිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.


(එච්.අයි. තුෂාර )